4. Basic Lens (මූලික කාච)

Posted By: Asoka Herath In: Basic Lens (මූලික කාච) On: Comment: 0 Hit: 49428

CCTV කැමරාවක කාචය අනුව අපට පෙනෙන දුර හා ප්‍රදේශය වෙනස් වේ

මූලික කාච - Basic Lenses

ප්‍රධාන වශයෙන් උත්තල කාච (Converging lens-Convex lens) හා අවතල කාච (Diverging lens-Concave lens) ලෙස කාච වර්‍ග දෙකට බෙදෙන අතර CCTV කැමරා සම්බන්ධව කථා කිරීමේදී Converging lens ගැන පමණක් කතා කරයි. මෙම කාච වර්‍ග ඉතා රාශියක් ඇති අතර මෙම කාච වල ප්‍රමාණය (Size) මනිනු ලබන්නේ මිලිමීටර් (mm) වලිනි. මෙම මිලිමීටර් වලින් අදහස් වන්නේ කාචයේ නාභියේ සිට Image sensor එකට ඇති දුර ප්‍රමාණයයි. මෙය ‘Focal length’ ලෙස හැදින්වේ. මෙම Focal length  වෙනස් වීම මත අපට දර්ශනය වන ප්‍රදේශය හා දුර වෙනස් වේ. උදාහරණයක ලෙස, Focal length අඩුවීමේදී අඩු දුර විශාල ප්‍රදේශයක් නැරඹිය හැකි අතර Focal length වැඩි වීමේදී වැඩි දුර අඩු ප්‍රදේශයක් නැරඹිය හැක.

තවද මෙම කාච වර්‍ග,

Fixed Lens: මෙම කාච වල Focal length වෙනස් කළ නොහැක. අපට අවශ්‍ය කාචය නිවැරදිව තෝරා ගත යුතුය.

Varifocal Lens: අතින් හෝ මෝටර මගින් (Motorize) අපට අවශ්‍ය ලෙස Focal length වෙනස් කළ හැක.

PTZ Lens (PAN, TILT, ZOOM): අදාල කැමරා පද්ධතිය මගින් Focal length වෙනස් කළ හැකි වේ. PTZ කැමරා මෙම ගණයට වැටේ.

 

පහත රුප සටහන මගින් මෙම කාච හා ඒ මගින් අපට දර්ශනය කළහැකි දුර පිළිබද ඔබට අදහසක් ගතහැක.

පහත රූප සටහන මගින් අපට එක් එක් කැමරා කාච වල නාභි දුර (Focal Length)  අනුව අපට දර්ශනය වන රූප රාමුවල පළල (W=Width) හා උස (H=Hight) දැක්වේ. දුර අනුව අපට පෙනෙනා රූප රාමුවල ප්‍රමාණයද වෙනස් වේ.  

Field of view (FOV) Calculation

අප ඉහතදී කාච ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත්තෙමු. දැන් අප අපට අදාල දර්ශන ලබා ගැනීමට සුදුසු කාචය කුමක්දැයි ගණනය කරන ආකාරය අධ්‍යනය කරමු. මේ සඳහා අපට තොරතුරු කිහිපයක් අවශ්‍ය වන අතර එම තොරතුරු ජාත්‍යන්තර ඒකක වලින් දක්වා ඇත. පහත ඇත්තේ Aspect ratio 4:3 අනුපාතයට ඇති කැමරාවක FOV ගණනය කරන ආකාරය වන අතර එය 16:9 සඳහා ද පොදු වන අතර ඔබ විසින් එය වෙනස් කර ගත යුතුය.

අපගේ කැමරාවෙහි Image sensor format එකෙහි පළල (C)

1-inch sensor multiplier = 12.8mm

2/3-inch sensor multiplier = 8.8mm

1/2-inch sensor multiplier = 6.4mm

1/3-inch sensor multiplier = 4.8mm

අපට දර්ශනය කරගැනීමට අවශ්‍ය වස්තුවට හෝ ප්‍රදේශයට ඇති දුර (D)

අපට දර්ශනය කරගැනීමට අවශ්‍ය වස්තුව හෝ ප්‍රදේශය අපට දර්ශනය විය යුත්තේ කුමන පළලකින්ද (W)

අපට අවශ්‍ය කාචයේ තරම F ලෙස සලකමු.

අපට දර්ශනය කරගැනීමට අවශ්‍ය වස්තුව හෝ ප්‍රදේශය අපට දර්ශනය විය යුත්තේ කුමන උසකින්ද (H)

F=D/W × C

අපි දැන් උදාහරණයක් ගෙන බලමු.

දර්ශනයට ඇති දුර 20 feet

දර්ශනය වියයුතු පළල 5 feet

Image sensor 1/3'' = 4.8mm

එසේනම්:

F=20/55×4.8

F=19.2

ඔබට අදාල කාර්යය සඳහා 19.2mm කාචයක් ඇති කැමරාවක් අවශ්‍යය.

මෙහිදී ඔබට දර්ශනය වියයුතු උස ලබා ගැනීමට නම් මෙම කැමරාව 4:3 Aspect ratio නිසා W/0.75=3.75 feet  වේ.

මෙම කාර්‍යය මදක් අපහසු බැවින් අප මෙම කාර්‍ය වඩාත් කාර්‍යක්‍ෂමව හා නිවැරදිව කර ගෑනීමට මේ සඳහාම ඇති වෙබ් අඩවියක් තෝරා ගනිමු. කිහිපයක පහත දැක්වේ.

www.pelco.com

www.supercircuits.com

www.majorcom.fr

Comments

Leave your comment