5. CCTV Cables (CCTV රැහැන්)

Posted By: Asoka Herath In: CCTV Cables On: Comment: 0 Hit: 49869

 CCTV Cables (CCTV රැහැන් වර්‍ග) 

Channel of Signal Transmission (කැමරාවල සිට සංඥා සම්ප්‍රේෂණය කිරීම-රැහැන් සහිත හා රැහැන් රහිත)

මෙම මාතෘකාව යටතේ අප කතා කරන්නේ CCTV කැමරාවල සිට සංඥා සම්ප්‍රේෂණය කිරීම හෙවත් අදාළ කැමරාවල සිට රූපරාමු ලබා ගැනීමයි. මෙහිදී අපට Cables, Connectors, Power packs, Amplifiers ගැන කථා කළ යුතු වේ.මුලින්ම අප CCTV සඳහා භාවිතා කරන රැහැන් (Cables) හදුනා ගනිමු. මෙහිදී අපට බහුලවම භාවිතා කරන Cable වර්‍ග කිහිපයක් ගැන පහත සඳහන් වේ.

    මෙම Coaxial Cable වර්‍ග අතුරින් 3C-2V වර්‍ගයේ Cable බහුලවම භාවිතා වේ. ඉහත අප කථා කරනු ලැබූයේ Analogue  කැමරා සදහා භාවිතයට ගන්නා Cable වන අතර IP  කැමරා සදහා UTP/STP (Unshielded Twisted Pairs/Shielded Twisted Pairs)  භාවිතා කළයුතු අතර මෙම වයරයක් තුළ යුගල කේබල් (Twisted Pairs) හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඇති නිසා අපට අවශ්‍යනම් කැමරා කිහිකයක් එක් වයරයක් තුළින් සම්බනධ කළ හැකි අතර එසේ නොමැතිනම් එක කැමරාවකින් රූප ලබා ගැනීම මෙන්ම ඊට අවශ්‍ය විදුලිය ලබා දීමද කළ හැක. IP කැමරා සදහා මෙම වයර සම්බන්ධ කිරීමේදී මෙම වයර වලින් වැඩි දුරකට දත්ත යැවීමේදී අදාල රූපවල තත්වය පහත වැටීමක් සිදුවන බැවින් අතර මගදී Boosters හෝ Signal Amplifiers හරහා දත්ත යැවීමට සිදුවන අතර එසේ Boosters/Amplifiers සවිකල හැකිවන්නේ උපරිමය දෙකක් පමණි. එබැවින් අප විසින් කළයුතු වන්නේ කැමරාව Network එකට සම්බන්ධ කිරීමයි. මෙසේ සම්බන්ධ කිරීම Network Switch එකක් හරහා සිදුකළ යුතුය. මෙම Switch මගින් දත්ත අදාල උපාංගය වෙත පමණක්ම සැපයීම ඉතා කාර්යක්‍ෂමව සිදු වේ.

මීට අමතරව ප්ලාස්ටික් ස්ථර කිහිපයකින ආරක්‍ෂාවුණු ඉතා සිහින් වීදුරු නළ වලින් සමන්විත Fiber Optics නම් වූ cable විශේෂයක්ද ඇත. ඉතා දිගු දුරක් දත්ත ගෙන යාමේදි මෙම රැහැන් භාවිතා කරනයි.

මෙම Coaxial හා UTP/STP කේබල් වල දත්ත සම්ප්‍රේෂණය (Data Transmission) කළ හැකි දුර ප්‍රමාණයන් ඇත. එම දුර ප්‍රමාණයන් පහත දක්වා ඇති අතර එය Analogue කැමරා හා Analogue High Definition (AHD) කැමරා වලදී වෙනනස් වේ.

RG-59 කේබල්වල උපරිම දුර (Analogue Camera) 700-800 feet [3C 2V] 300 meters Approx 

RG-6 කේබල්වල උපරිම දුර (Analogue Camera) 1000 feet    [5C 2V] 350 meters Approx

UTP කේබල්වල උපරිම දුර (Analogue Camera) 1200 feet 400 meters Approx

RG-59 කේබල්වල උපරිම දුර (AHD Camera) 200 feet 100 meters Approx

UTP කේබල්වල උපරිම දුර (AHD Camera) 960 feet 350 meters Approx

මේ අතරම අපට කැමරා සඳහා විදුලිය ගෙන යන වයර සම්බන්ධව ද උගත යුතුයි. කැමරා සදහා අප විසින් වෝල්ට් 12 අඛන්ඩ (12V DC)විදුලියක් සැපයිය යුතු අතර කැමරා විසින් ලබා ගන්නා ධාරිතාව (Ampere)  සුළු අගයක් ගනියි.  මෙහිදී අප එකට අඹරන ලද වයර් දෙකකින් (Twin Twisted) තනන ලද වයර යුගලය භාවිතා කරනු ලැබේ.  එක් කැමරාවක් සදහා වයර් අදින්නේ නම් විශ්කම්බය (Diameter) 0.5mm හෝ ඊට වැඩි Diameter එකක් සහිත වයර භාවිතා කළ යුතුය. කැමරාවකින් කැමරාවකට සමාන්තරව (Parallel) වයර් ඇදීම අනුමත නොකරන අතර ඔබගේ පහසුව සඳහා එසේ කරන්නේනම්, අදාල කැමරා ප්‍රමණය අනුව සුදුසු වයර තෝරා ගැනීම කළ යුතුය. තවද වැඩි දුරක් විදුලිය ගෙනයාමට සිදුවේනම් ඒ සඳහා DC විදුලිය භාවිතා නොකර අදාල කැමරාව අසලටම AC විදුලි සැපයුමක් ලබා දී කැමරාව අසලදී එම AC විදුලි සැපයුම DC විදුලි සැපයුමකට හරවන්න.(ඊට අදාල Power unit වෙළදපොලේ ඇත.) මේ අතරම විදුලි ඇනහිටීමකදි සිදුවන අපහසුතාවයෙන් වැලකීමටනම් UPS (Uninterrupted Power System) එකක් භාවිතා කරන්න. සියලුම කැමරා ලබාගන්නා ඇම්පියර් ප්‍රමාණය,වයර් අදීමට අති දුර, විදුලි විසන්ධි වීමකදී පටිගත වීමට අවශ්‍ය කාලය හා DVR ඒකකය ලබා ගන්නා ඇම්පියර් ප්‍රමාණයට අනුව UPS ධාරිතාවය වෙනස් කළ යුතුය.

අප මෙතෙක් කතාකල Cable වර්‍ග අදාල සම්බන්ධකිරීම්වල දී එය නිසි අකාරයෙන් කරගැනීමට Connectors අවශ්‍ය වේ. අප මීලග පාඩමෙන් ඒ ගැන කථා කරමු.

Comments

Leave your comment