1. What is CCTV Camera ? CCTV කැමරා යනු කුමක්ද?

Posted By: Asoka Herath In: What is CCTV Camera? CCTV කැමරා යනු කුමක්ද? On: Comment: 0 Hit: 54904

What is CCTV Camera ? CCTV කැමරා යනු කුමක්ද?

CCTV (Closed Circuits Television) යනු කුමක්ද?

CCTV යනු Closed Circuits Television යන වචන සමූහය අපට භාවිතයට පහසුව පිණිස කෙටිකර තනා ගන්නා ලද වචනයකි. මෙහි තේරුම 'සංවෘත පරිපථ රූපවාහිනි තාක්‍ෂණය' නම් වේ. මෙය තනිවම හෝ කිහිප දෙනෙකුට නැරබඹිය හැකි දැනට ලෝකයේ ඇති නවීන රූපවාහිනි ක්‍රමයකි. සරල ලෙස පැහැදිලි කළහොත් මෙහි සිදුවන්නේ ස්ථාන කිහිපයක තබා ඇති කැමරා කිහිපයකින් ලබා ගන්නා දර්ශන එක් ස්ථානයකට යොමුකර සියුම් තාක්‍ෂණික ක්‍රම වේදයක් උපයෝගි කරගෙන එම ස්ථානයේදි පටිගත කිරීම හෝ නැරඹිමයි. මෙම නැරඹීම ඔබට ලොව ඕනෑම ස්ථානයක සිට පුලුවන. CCTV කැමරා පද්ධතියක් තුළ දැවැන්ත තාක්‍ෂණික ක්‍රම වේදයක් නැතත් එය දිනෙන් දින වැඩි දියුණු වන උපාංග වලින් සමන්විත වේ. (Camera,DVR,Cable,Connectors,etc;)

CCTV ජාලයක් ප්‍රධාන වශයෙන් කොටස් තතුනකට බෙදේ.

1. Cameras (කැමරා වර්‍ග)

2. Channel of Signal Transmission (කැමරාවල සිට සංඥා සම්ප්‍රේෂණය කිරීම-රැහැන් සහිත හා රැහැන් රහිත)

3. Recording  or Live Transmission Station (පටිගත කිරීම හෝ සජීවි නැරඹුම් මධ්‍යස්ථානය)

මෙම ප්‍රධාන කොටස් තුන CCTV පිළිබදව හැදෑරීමේ පහසුව සදහා අප විසින් උප කොටස් වලට බෙදා ගනිමු. එසේ බෙදීමේදී අපට Camera,DVR unit,Cables(Data & Power), Connectors, Power unit, යන උපාංග ලැබෙන අතර අපි පිළිවෙළින් ඒවා සම්බන්ධව විමසා බලමු.

කැමරා වර්‍ග (Camera Types)

කැමරා වර්‍ග ගැන කතා කිරීමේදි  Analogue හා IP කැමරා ලෙස කොටස් දෙකකට බෙදිය හැක. මෙහිදී Analogue කැමරා ගැන අපට විශේෂ අවධානය යොමු කළයුතුව ඇත්තේ Analogue කැමරා වලට වන අතර දැනට ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා වන්නේ එක් එක් තාක්‍ෂණික මට්ටම් වල ඇති Analogue කැමරා නිසාය. එහෙත් අප විසින් IP කැමරා හා Analogue කැමරා අතර වෙනස ටිකක් හෝ දැන සිටීම වැදගත්ය.

Analogue කැමරාවල මිල අඩුය. සවිකිරීම පහසුය. පිංතූර වල තත්වය සාමාන්‍ය මට්ටමේ වේ. මීටර් 100-800 අතර දුරකට රැහැන් මගින් ගෙන යා හැක. ඊට වඩා වැඩි දුර ඇදීමේදී රූප විකෘති වී පෙනිය හැක. එමනිසා අතරමගදී 'සංඥා වර්ධක'(Signal Amplifire) භාවිතා කළයුතුය. එක් එක් කැමරාවේ සිට DVR දක්වා වෙන වෙනම රැහැන් ඇදිය යුතුය. [නැතහොත් Video BALUN) භාවිතා කර Network cable (UTP-Unshield Twisted Pair or STP-Shield Twisted Pair) මගින් අදාල සංඥා යැවිය යුතුය]

 

IP කෑමරා මිල ඉතා ඉහළය, සවිකිරීම සදහා හොඳ දැනුමක් අවශ්‍යය. පීංතූර ඉතා ඉහළ මට්ටමක වේ. මීටර් 100ක පමණ දුර රැහැන් මගින් ගෙන යා හැක. ඊට වඩා ගෙනයාමේදී රූප විකෘති වේ. ඊට වඩා දුර රැගෙන යාමේදී Boosters දැමිය යුතුය. Boosters දෙකකට වඩා අනුමත නොකරයි. මේ නිසා සුදුසු Network එකක් තෝරා ගත යුතුය.(WAN/LAN Network, Internet or other Network System) එසේ Network එකකට සම්බන්ධ කිරීමේදී ඊට අදාල Network switch එකක් භාවිතා කළ යුතුය. එමගින් ඕනෑම දුරක සිට පටිගත කිරීම, නැරඹීම කළහැකි අතර ස්ථාන කිහිපයක සිට වුවද නැරඹිය හැක.  මෙම ක්‍රමයේදී Analogue කැමරා වල මෙන් එක් එක් කැමරාවේ සිට DVR දක්වා වෙන වෙනම රැහැන් ඇදිය යුතු නැති නිසා රැහැන් වලට යන වියදම අවම වේ.

Comments

Leave your comment