3. Types of CCTV Cameras (කැමරා වර්ග)

Posted By: Asoka Herath In: Types of CCTV Cameras (කැමරා වර්ග) On: Comment: 0 Hit: 50977

ලෝකය පුරා විවිධ වර්ගවල CCTV කැමරා වර්‍ග ඇති අතර අප වෙළඳපොලේ බහුලව විකිණීමට ඇති කැමරා වර්‍ග ගැන අපි බලමු

DOME Camera: ගෝලාකාර යන අර්ථය දෙන මෙම කැමරා Outdoor, Indoor ලෙස හා Analogue, IP ලෙස ලබාගත හැක. මෙම කැමරා වල ඇති විශේෂත්වය වන්නේ මෙහි ඇති අඳුරු ආවරණය නිසා කුමන දිසාවකට මුහුන ලා තිබේද යන්න කැමරාව දෙස බලා තීරණය කළ නොහැක. තවද මෙම කැමරා මගින් විශාල ප්‍රදේශයක් ආවරණය කළහැක. මදක් මිල අධිකය.

 

BULLET camera: වඩාත් බහුලවම භාවිතා වන කැමරා විශේෂයයි. මෙම කැමරාද, Outdoor, Indoor ලෙස හා Analogue, IP ලෙස ලබාගත හැක.වඩාත් භාවිතා වන්නේ පිටත ආවරණය කිරීමටයි. සාමාන්‍ය මිල ගණන් යටතේ ලබා ගත හැක. එහෙත් අපට අවශ්‍ය ආකාරයට දර්ශන තලය (Field of view)  සකසා ගත හැකි හා ඊට අදාලව අවශ්‍ය කාච දුර (Focal length) වෙනස් කිරීමට හැකි Bullet කැමරාවක මිල මදක් ඉහළය.

Hidden Camera (Pin hole or Covert camera): වෙළඳ පොළට දැන් දැන් පැමිණෙමින් තිබෙන මෙම කැමරා සගවා තැබීමට හැකි නිසා මෙලෙස හදුන්වයි. විවිධ හැඩ වලට විවිධ ප්‍රමාණ වලට, පෑනක්, pin hole එකක්, ඔරලෝසුවක මුහුණතක්, හෝ ඊට වඩාත් වෙනස් ආකාරයකට විය හැක. මෙම කැමරා වල කාච පහළ මට්ටමක ඇති නිසා ලැබෙන රූප රාමු වල ගුණාත්මක භාවය ඉතා අඩුය. Analogue & wires forms, USB forms ලෙස ඇති අතර පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි මෙන්ම පහසුවෙන්ම Lap top එකකට කෙලින්ම සම්බන්ධ කර නැරඹිය හැක. Wifi තාක්‍ෂණයෙන් වැඩ කරන මෙම වර්‍ගයේ කැමරාද ඇත.

PTZ (PAN. TILT, ZOOM) Camera: සාමාන්‍යයෙන් DOME කැමරා ලෙස පැමිණෙන මෙම කැමරා ද, Outdoor, Indoor ලෙස හා Analogue, IP ලෙස ලබාගත හැක. මෙම කැමරා වල විශේෂත්වය වන්නේ අපට අවශ්‍ය ලෙසට ස්වයංක්‍රීයව (Auto) එහා මෙහා (PAN), උඩ පහළ (TILT) හා විශාල කර හෝ කුඩා කර බැලීමට සැකසීමට ඇති හැකියාවයි. මුහුණු හදුනා ගැනීමේ පහසුකම, අනතුරු හදුනා ගැනීමේ පහසුකම ඇත. ඉතා මිල අධික කැමරා විශේෂයකි.

BOX Camera: අධි ආරක්‍ෂිත කලාපවල, ගුවන් තොටුපල, වරාය, බැංකු  ආදී ස්ථාන වල සවිකරන මෙම කැමරාවල කාච (Lens) දුරස්ථ පාලකයක් මගින් වෙනස් කළ හැකි අතර ඉතාම පැහැදිලි රෑපරාමු ලබා ගත හැක. Outdoor, Indoor ලෙස හා Analogue, IP ලෙස ලබාගත හැක. මුහුණු හදුනා ගැනීමේ පහසුකම, අනතුරු හදුනා ගැනීමේ පහසුකම ඇත. ඉතා මිල අධික කැමරා විශේෂයකි. 

Infrared (IR) Camera: ආලෝකය නොමැති අවස්ථාවල එහි ඇති අධෝරක්ත කිරණ වස්තුව මත පතිත වී පරාවර්තනය වීමෙන් රූප ලබා දේ. එහෙත් එම රූපරාමු කලු සුදු (Black & White) වේ.දැනට වෙළඳ පොලේ ඇති බොහෝ කැමරා වල මෙම තාක්‍ෂණය අන්තර්ගත වේ.

Comments

Leave your comment